
උෂ්ණත්වය හිමාංකයට වඩා පහත වැටීමෙන් පසු නිරිතදිග ඇල්ජීරියාවේ සහරා කාන්තාරයේ සමහර ප්‍රදේශවලට හිම පතිත වූ අතර, එම ප්‍රදේශයේ තැඹිලි පැහැති වැලි කඳු සුදු පැහැයෙන් වැසී ගියේය.

පදිංචිකරුවන් සහ සංචාරකයින් පුදුමයට පත් කරමින් අයින් සෙෆ්‍රා නගරය අසල හිම පතනය වාර්තා විය. නගරය පිහිටා ඇත්තේ ඇට්ලස් කඳු පාමුල සහාරා හි උතුරු මායිමේ වන අතර, සීතල වාතය ඉඳහිට කාන්තාරයේ දුර්ලභ හිම පතනයට ඉඩ සලසයි.

පසුගිය දශක හතර තුළ මෙම ප්‍රදේශයට හිම වැටුණු හත්වන අවස්ථාව මෙය බව වාර්තා පවසයි. 2016 ට පෙර, අයින් සෙෆ්‍රා හි අවසන් වරට වාර්තා වූ හිම පතනය 1979 දී සිදු විය. හිම කෙටි කාලයක් පැවති අතර වැටීමෙන් ටික කලකට පසු දිය විය.

















