සම්බු කලපුව යට තිබූ යුධෝපකරණ තොගයක් STF නිලධාරීන් සොයා ගනී

යුද සමයේදී එල්.ටී.ටී.ඊ (LTTE) සංවිධානය විසින් වළදමා තිබූ බවට සැකකෙරෙන යුධෝපකරණ තොගයක් වාකරේ, සම්බු කලපුව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සොයාගන්නා ලදී.

විශේෂ කාර්ය බලකා වාකරේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක්, වාලච්චේන ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත මෙම සෝදිසි මෙහෙයුම දියත් කරන ලදී. විශේෂ කාර්ය බලකායේ ප්‍රාදේශීය අණදෙන නිලධාරී (ත්‍රිකුණාමලය) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී පහත යුධෝපකරණ තොගය හමු වී ඇත:

  • යුද ටැංකි නාශක RPG උණ්ඩ: 38
  • RPG උණ්ඩ සඳහා භාවිතා කරන චාජර්: 37
  • SFG-87 වර්ගයේ ජීව අත්බෝම්බ: 05

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය, අධිකරණ නියෝග ප්‍රකාරව හෙට (08) දිනයේදී විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් ආරක්ෂිතව විනාශ කිරීමට නියමිතයි.

ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරමින් ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය නිරන්තර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website