2026 මැයි මාසය වනවිට සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස, සම්බා සඳහා විකල්ප ලෙස සලකන සහල් වර්ග ආනයනය කිරීමට ඊයේ (30) රැස් වූ අමාත්‍ය්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව, HS Code 1006.30.29 යටතේ වර්ගීකරණය කර ඇති පොන්නි සම්බා, කීරි සම්බා සහ කිරි/පොල් පොන්නි ඇතුළු GR 11 ලෙස හඳුන්වන සහල් වර්ග මෙට්‍රික් ටොන් 1,040ක උපරිම ප්‍රමාණයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා සහල් නිෂ්පාදනය මෙරට සමස්ත අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින්ඉදිරිපත් කළ යාවත්කාලීන තොරතුරු මත පදනම්වපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම තත්ත්වය පෙන්වා දී තිබේ.
ඕනෑම ආනයනකරුවෙකුට 2026.04.01 දින සිට 2026.04.30 දින දක්වා කාලසීමාව තුළ එම සහල් ආනයනය කිරීමටත්,එම සහල් තොග 2026.05.31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමටත් හැකියාව ඇත.එමෙන්ම, මෙම සහල් වර්ග ආනයනය කරන ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් ද නිදහස් කර ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.















