සභා ලේකම්වරියට පහර දීමේ සිද්ධියට සැක මතුගම ප්‍රදේශීය සභාවේ SJB සභාපති පොලිසියට භාර වෙයි

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා අද (31) මතුගම සහකාර පොලිස් අධිකාරීවරයා වෙත පැමිණ භාරවී තිබේ.

මෙම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය සතුවේ. ඊයේ (30) උදෑසන සභාපතිවරයා සහ ලේකම්වරිය අතර ඇති වූ බහින්බස් වීමෙන් අනතුරුව සභාපතිවරයා විසින් ලේකම්වරියට පහරදී ඇතැයි ද වාර්තා විය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් මතුගම පොලීසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව අද දින මෙම භාර විම සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website