සභා ලේකම්වරියට පහරදීමේ සිද්ධිය: මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීම සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා ජනවාරී 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මතුගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමාට පහරදී සිය රාජකාරියට බාධා කරන ලද බවට මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර සභාපතිවරයා පොලිසිය විසින් අද (02) පස්වරුවේ ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website