සබරගමුව, බස්නාහිර, දකුණු පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

සබරගමුව, බස්නාහිර, දකුණු පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) මධ්‍ය්හන 12ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 11 වන තෙක් බලපැවැත්වේ.

ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වෙන ලෙසත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website