පානදුර ප්‍රදේශයේ පදිංචිව සිට විදෙස්ගතව සැඟවුනු සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයෙන් නිවසක් සහිත ඉඩමක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවත්, මිලදී ගැනීම සහෝදරයාගේ නමින් සිදුකර ඇති බවත් සඳහන් තොරතුරක් පොලිස්පති වෙත ලැබී තිබේ.
ඒ අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භකර ඇති අතර සැකසහිත කෝටි 02 ක් පමණ වටිනා පර්චස් 21 ක නිවසක් සහිත අදාල ඉඩම අළුබෝමුල්ල ප්‍රදේශයෙන් සොයාගෙන මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත ප්‍රකාරව වැඩිදුර විමර්ශන සඳහා 2026.03.06 දින සිට 07ක කාලයක් භාවිතය තහනම් කිරීමේ නියෝගයක් ලබාගෙන ඇත.















