සංවිධානාත්මක අන්තර්ජාල මූල්‍ය වංචා මෙහෙයුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විදේශීය ජාතිකයින් 147 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේය.
හලාවත ඉරණවිල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
රැඳවියන් අතර චීන ජාතිකයින් 133ක්, බංග්ලාදේශ ජාතිකයින් 13ක් සහ වියට්නාම ජාතිකයෙකු සිටින බව ද පොලිසිය පැවසුවේය.















