ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ. ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් වතිකානයේදී රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා (Msgr. Mihăiță Blaj) හමු වී මෙම නිල ආරාධනා පත්‍රය භාර දෙන ලදී.
ශුද්ධෝත්තම පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ජනපතිගේ නිල ආරාධනය පිළිගන්වයි













