ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පර්යේෂණයන්ට අනුව, දුම්කොළ භාවිතය හා සම්බන්ධ රෝගවලින් සෑම වසරකම ශ්‍රී ලාංකිකයින් 12,300කට අධික සංඛ්‍යාවක් මිය යන බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පැවසුවේය.
එම ආයතනය අවධාරණය කළේ මෙම මරණ වැළැක්වීම සඳහා වඩාත්ම ලාභදායී මහජන සෞඛ්‍ය මැදිහත්වීම ලෙස ඉහළ දුම්කොළ බදු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන ඇති බවයි.













