අලුත් අවුරුදු උත්සව සහ සාද දිවා කාලයේ වේලාවන්ට සීමා කරන ලෙස ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අත්‍යවශ්‍ය කටයුතු සිදු කරන අතරතුර විදුලිය සංරක්ෂණය කිරීමේ අරමුණින් මෙම ඉල්ලීම කරන බව අධිකාරියේ සභාපති මහාචාර්ය ටී.එම්.ඩබ්ලිව්.ජේ. බණ්ඩාර මහතා පැවසීය.
තව ද, උත්සව සමයේ නිවාඩු කාලය තුළ කාර්යාල විදුලි උපකරණ ක්‍රියා විරහිත කර ඇති බවට සහතික වන ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරිය මහජනතාවට උපදෙස් දෙයි.













