ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අප්‍රේල් මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය. මෙම තරගාවලියේ සත්කාරක රට වන ඔස්ට්‍රේලියාවට අමතරව එංගලන්ත අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායමද සහභාගි වන අතර, ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ එම කණ්ඩායම් දෙක සමඟ තරග වදිනු ඇත.
එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරග දෙඅංශය යටතේම ශ්‍රී ලංකා කණ්ඩායම තරග 06 කට ක්‍රීඩා කිරීමට නියමිත අතර, එක්දින තරගාවලිය යටතේ තරග 2 ක් සහ, විස්සයි-20 තරගාවලිය යටතේ තරග 04 ක් පැවැත්වෙ
මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම අප්‍රේල් 03 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත. තරගාවලියේ සියලු තරග බ්‍රිස්බේන් සහ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ අප්‍රේල් 07 වැනිදා සහ 08 වැනිදා පිළිවෙළින් එංගලන්තයට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව පන්දුවාර 50 තරගයට බ්‍රිස්බේන්හිදී සහභාගිවනු ලබන අතර, අනතුරුව අප්‍රේල් මස 12 වැනිදා විස්සයි-20 තරගාවලියේ පළමු තරගයේදී එංගලන්තයට එරෙහිව තරග වදිනු ඇත.
| දිනය | තරගය | ක්‍රීඩාංගණය | වේලාව |
| අප්‍රේල් 07 | ශ්‍රී ලංකාව – එංගලන්තය අතර ඕවර 50 තරගය | ඉයන් හීලී ඕවල් – බ්‍රිස්බේන් | පෙ.ව. 9.30 |
| අප්‍රේල් 08 | ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව අතර ඕවර 50 තරගය | ඉයන් හීලී ඕවල් – බ්‍රිස්බේන් | පෙ.ව. 9.30 |
| අප්‍රේල් 12 | ශ්‍රී ලංකාව – එංගලන්තය අතර විස්සයි-20 තරගය | බිල් පිපෙන් ඕවල් – ගෝල්ඩ් කෝස්ට් | පෙ.ව. 9.00 |
| අප්‍රේල් 13 | ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව අතර විස්සයි-20 තරගය | බිල් පිපෙන් ඕවල් – ගෝල්ඩ් කෝස්ට් | පෙ.ව. 9.00 |
| අප්‍රේල් 17 | ශ්‍රී ලංකාව – එංගලන්තය අතර විස්සයි-20 තරගය | ඉයන් හීලී ඕවල් – බ්‍රිස්බේන් | පෙ.ව. 5.30 |
| අප්‍රේල් 18 | ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව අතර විස්සයි-20 තරගය | ඉයන් හීලී ඕවල් – බ්‍රිස්බේන් | පෙ.ව. 5.30 |
source: srilankacricket.lk















