ශ්‍රී ලංකාව ක්ෂණික ඉන්ධන හිඟයකට මුහුණ දීමට ඉඩක් නැහැ – හිටපු ජනාධිපති රනිල්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනත් රටවල ආණ්ඩු වෙනස් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිගත නොහැකි බවත් ශ්‍රී ලංකාව වැනි රටවලට හානිකර බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනපති රනිල් පැවසුවේ තත්ත්වය ඉතා බරපතල හා සංකීර්ණ ගැටලුවක් බවයි.

‎“මෙවැනි ක්‍රමයක් භාවිතා කරමින් රජයක් බලහත්කාරයෙන් ඉවත් කිරීම අපට පිළිගත හැකි දෙයක් නොවෙයි. මෙම ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීතියට සහ පිළිගත් ගෝලීය භාවිතයන්ට අනුකූල නොවන බව ස්විට්සර්ලන්තය සහ නෝර්වේ වැනි රටවල් දැනටමත් පෙන්වා දී තිබෙනවා”

‎මෙම තත්ත්වය තුළ ඉරානයේ ඉන්ධන සැපයුම කඩාකප්පල් වුව ද ශ්‍රී ලංකාව ක්ෂණික ඉන්ධන හිඟයකට මුහුණ දීමට ඉඩක් නොමැති බව වික්‍රමසිංහ මහතා පැවසුවේය. ඔහු පෙන්වා දුන්නේ එවැනි පාඩු පියවා ගැනීමට අනෙකුත් රටවල් ප්‍රමාණවත් තෙල් නිපදවන බවයි.

“ඉරානය හෝමූස් සමුද සන්ධිය හරහා ගමන් කරන තෙල් නැව් වලට පහර දීමට පටන් ගෙන නැව්ගත කිරීම් නතර කළහොත් එය බරපතල ගැටලුවක් බවට පත්විය හැකියි. නමුත් තවම එවැනි අනතුරකක් නැහැ” වික්‍රමසිංහ මහතා පැවසුවේය.

‎ට්‍රම්ප්ගේ ප්‍රවේශය පුද්ගලික මනාපයන් අනුව ගෝලීය කටයුතු හැඩගැස්වීමේ උත්සාහයක් පිළිබිඹු කරන බව ඔහු තවදුරටත් පැවසීය. “ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ ලෝකය තමා කැමති ආකාරයට ක්‍රියාත්මක වීමටයි, නමුත් මෙය අපට යහපත් තත්ත්වයක් නොවෙයි. එවැනි ප්‍රවේශයක් හරහා ලෝකය තව දුරටත් වියවුලට පත්වෙනවා” හිටපු ජනපතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website