ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයට උපකාර කිරීමට එක්සත් ජාතීන් සැලැස්මක් දියත් කරයි

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනතාව නැවත නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව එම සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් (Marc-André Franche) පවසයි.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අද (දෙසැ: 11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මිලියන 02කට ආසන්න ජනතාවක් පීඩාවට පත්ව ඇති බව ය.

මූලික ඇස්තුමේන්තුවට වඩා සිදුව ඇති හානිය විශාල බවත්, මෙම හදිසි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා දිගු කාලීන හා කෙටි කාලීන විසඳුම් ලබාදීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍ය බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ ය.

ආපදා තත්ත්වය හමුවේ මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව අංශ 7ක් ආවරණය වන පරිදි ප්‍රමුඛතා ලැයිස්තුවක් මේ වෙනුවෙන් සකස් කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ ජනමාධ්‍ය හමුවේ කරුණු දක්වමින් පැවසීය්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website