ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අප්‍රේල් 2 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය කළේය.
අද (19) මෙම නඩුව කැඳවන ලද අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහ විත්ති පාර්ශවයේ ඉදිරිපත් කිරීම්වලින් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
එයාර් බස් ගුවන් යානා ගනුදෙනුවකට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබා ගැනීමේ චෝදනා මත චන්ද්‍රසේන මහතා මාර්තු 12 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.












