ශ්‍රීලංගම ඩිපෝ 103ක් හරහා ඉන්ධන බෙදා හැරීම ඇරඹේ

දිවයින පුරා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 103ක් හරහා ඉන්ධන සැපයීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා පැවසුවේය.

පෞද්ගලික බස් රථවලට පමණක් නොව, සෞඛ්‍ය අංශයට සහ පාසල් ප්‍රවාහනයට සම්බන්ධ සේවාවන්ට ද ඉන්ධන නිකුත් කරන බව කනගරත්න මහතා පැවසීය. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව හෝ අදාළ ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරිය විසින් නිකුත් කරන ලද වලංගු සහ ක්‍රියාකාරී බලපත්‍ර හිමියන්ට මෙසේ ඉන්ධන ඉල්ලීම් කළ යුතු බව ඔහු පැවසුවේය.

ඔහු පැවසුවේ මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය ඊයේ සිට අනුයුක්ත කිරීම ආරම්භ කළ බවත් එය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංගම සම්පූර්ණයෙන්ම සූදානම් බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website