වෛද්‍ය වර්ජනය: GMOA සෞඛ්‍ය අමාත්‍යවරයාට හෙට උදෑසන 8 වන තුරු කල් දෙයි

වෛද්‍ය වර්ජනය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හෙට (06) උදෑසන 8 වන තුරු කල් ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේය.

අමාත්‍යවරයාගේ තීරණය මත වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීන්දුවක් ගැනීමට සිය සංගමය සුදානම් බව ද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන බවත් ඒ නිසාවෙන් වර්ජන ක්‍රියාමාර්ගය දිග්ගැස්සෙන බවට චෝදනා කළ සුගතදාස මහතා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ප්‍රමාද වීම හරහා අගතියට පත්වන්නේ රෝගී ජනතාව වන බව ද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website