රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන සඳුදා (මාර්තු 02) සිට රෝහල් සායන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව එම සංගමයේ ලේකම් ප්‍රභාත් අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා හෝ රජයේ බලධාරීන් සාධාරණ මැදිහත්වීමක් කර නොමැති බැවින්, වත්මන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පූර්ණ වැඩ වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බව ද ලේකම්වරයා පැවසීය.
වෛද්‍යවරුන් සඳහා විශේෂ සේවාවක් ස්ථාපිත කිරීමේ ඉල්ලීම්වලට රජය නිසි ප්‍රතිචාරයක් ලබා නොදුන් නිසා මෙම තීරණය ගත් බව ද ඔහු පැවසීය.
අත්තනායක මහතා ප්‍රකාශ කළේ දැනට ක්‍රියාත්මක වන සායන 50 සහ ජංගම සායන පද්ධති දේශපාලන අරමුණු මත පදනම් වූ ව්‍යාපෘති බවත් රටේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පවත්වා ගෙන යාම සඳහා කාර්ය මණ්ඩල හිඟයක් පවතින පසුබිමක එවැනි ව්‍යාපෘති සඳහා සහාය නො දක්වන ලෙස වෛද්‍යවරුන් තීරණය කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.















