වේරැස් ගඟ ව්‍යාපෘතියේ රැස් විහිදෙයි

*උළෙලට වැය කළ ලක්ෂ 276ට වගකිව යුත්තේ ගෝඨාභයද?
*භාතිය- සන්තුෂ් සැකකරුවන් වෙයිද?

වේරැස් ගඟ ව්යාපෘතිය විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් පැවැත්වූ සංගීත ප්රසංගයට ප්රසම්පාදන කටයුතුවලින් තොරව රුපියල් ලක්ෂ 276ක මුදලක් අත්තනෝමතිකව වැය කරමින් රජයට පාඩු කිරීමේ සිදුවීමේ ප්රධාන සැකකරු විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්යාධිකාරිනි ශ්රීමති මල්ලිකා පවසා තිබේ.
ඇය මෙම ප්රකාශය සිදු කර ඇත්තේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලි හමුවේ ය.

එපමණක් නොව එහි ප්රතිලාභ තමන් සතු කර ගනිමින් සංගීත ප්රසංගය පැවැත්වූ භාතිය – සන්තුෂ් දෙදෙනාද මෙම සිදුවීමේ සැකකරුවන් විය යුතු බවත් සියලු කරුණු හෙළිදරව් කරමින් රහස් ප්රකාශයක් කිරීමට තමන් සූදානම් බවත් ඇය වැඩි දුරටත් පැවසීය.

– නුවන් ගුණතිලක –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website