වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

2026.01.01 දින නවගමුව පොලිස් වසමේදී නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කර අනෙක් පුද්ගලයින් දෙදෙනාට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (18) දින උදෑසන කාලයේ කැලණිය පොලිස් වසමේ කොහොල්විල ප්රදේශයේදී මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නවගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරු වයස අවුරුදු 19 ක් වන කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු අපරාධ කරුවන් පැමිණි වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වි ඇත. හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය තවදුරටත් විමර්ශන සිදුකරගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website