විශේෂ කාර්ය බලකායෙන් මාරවිලදී සාර්ථක වැටලීමක් – සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ මාරවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) පෙරවරුවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීමේදී නීති විරෝධී මත්පැන් ලීටර් 45 මිලි ලීටර් 750 ක්. මත්පැන් පෙරීමට සකස් කළ ගෝඩා ලීටර් 270 ක් හා මත්පැන් පෙරීම සඳහා භාවිතා කළ උපකරණ කට්ටලයක් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා වැලිපැන්නගහමුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website