රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් සංවිධානය කළ මෙම විරෝධතාවක් අද (24) දහවල් පොල්දූව පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණි. ත්රිවිධ හමුදාව සහ පොලීසියේ විශ්රාමික රණවිරුවන් පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.
සිය විශ්රාම වැටුප තමන් මිය ගිය පසු කිසිදු කප්පාදුවකින් තොරව යැපෙන්නන් හට ලබා දෙන ඉල්ලමින් ඔවුහූ මෙම විරෝධතාවේ නිරත වූහ. විරෝධතාවෙන් අනතුරුව පිරිස පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් ඔවුන් වැළැක්වීමට ගත් උත්සායහත් සමඟ උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.











