විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුව සැර ප්‍රකාශයක් – රටේ ජාතිවාදය ආගම්වාදය ඇවිස්සෙන ප්‍රකාශ එපා

රටේම System Change කරනවා කියා බලයට පැමිණි වත්මන් රජය සහ ජනාධිපතිවරයා අද වන විට රටේ ජාතිවාදය ආගම්වාදය ඇවිස්සෙන ප්‍රකාශ සිදු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද  (03) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

පපුවේ තෙතමනය තිබෙනවා යැයි පුරසාරම් කියමින් AKD Brand යැයි කියමින් වත්මන් රජය විවිධ සුරංගනා කතා කිව්වත් උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අමු අමුවේ උල්ලංඝනය කරන බව ද  විපක්ෂ නායකවරයා කීවේය. මේ අවස්ථාවේ බුදුදහමට අපහාස වන ප්‍රකාශ සිදු කරනවාට වඩා රටේ වැසී යන කර්මාන්ත පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ආනයන අපනයන ආරක්ෂා කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව ද විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website