විදේශ අමාත්‍ය විජිත හේරත් මැදපෙරදිග රටවල විදෙස් ඇමතිවරුන් සමඟ දුරකථන සාකච්ඡාවක

මැදපෙරදිග කලාපයේ රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බහරේන්, ලෙබනන්, කුවේට් සහ ජෝර්දාන් යන රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ විදේශ අමාත්‍ය විජිත හේරත් ඉල්ලා සිටි බව විදේශ අමාත්‍යාංශය පවසයි.

මැදපෙරදිග රටවල්වලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන්ගේ ආරක්‍ෂාව ශ්‍රී ලංකා රජය භාරගෙන ඇති බව ද අමාත්‍යවරයා පවසා ඇත.

එම කලාපයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් ඒ ඒ රටවල් මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳව විදේශ අමාත්‍යවරයා සිය ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කළ බව ද විදේශ අමාත්‍යංශය පවසයි.

හදිසි අවස්ථාවක ඉල්ලා සිටින මානුෂීය සහායන් ලබාදීමට ශ්‍රී ලංකාව නොපැකිලිව කටයුතු කරන බව ද අමාත්‍යවරයා විදේශ අමාත්‍යවරුන්ට පවසා ඇත. මේ සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල විදේශ අමාත්‍යවරුන් අමාත්‍යවරයාට ස්තූතිය පළ කළ ඇති අතර ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව ද සහතික වූ බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තව දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website