විදේශීය දුම්වැටි 165,200ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය බුද්ධි කොට්ඨාසය (21 දා) වැල්ලම්පිටිය පොලිස් වසමේ සිදුකළ වැටලීමක් මගින් තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද විදේශීය දුම්වැටි 165,200ක් පමණ සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

වෙන්නවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ මෙම දුම්වැටි තොගය තිබී ඇති අතර සැකකරු වයස අවුරුදු 48 ක් වන එම නිවසේම පදිංචිකරුවෙකු ලෙස හඳුනා ගෙන ඇත. සැකකරු හා දුම්වැටි තොගය වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website