විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය – 2025 නොවැම්බර්: ජංගම ගිණුමේ නැවත අතිරික්තයක්

2025 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක තුළ දී අඛණ්ඩ මාසික ජංගම ගිණුමේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව 2025 වසරේ නොවැම්බර් මාසයේ දී, ජංගම ගිණුම නැවත අතිරික්තයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (31) නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

2025 වසරේ ජනවාරි-නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ අතිරික්තය එ.ජ. ඩොලර් මිලියන 1,678කි.

2025 වසරේ නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. තව ද, 2025 වසරේ ජනවාරි-නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 6.9ක් දක්වා පුළුල් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website