විදුලි සේවකයන්ගේ සියලුම නිවාඩු අවලංගුයි

වර්ජනයෙහි නියැළි සිටින විදුලි බල මණ්ඩල සේවකයින්ගේ සියලුම නිවාඩු වහාම ක්රියාත්මක වන පරිදි නැවත දන්වනතුරු අවලංගුකර ඇති බව එහි සාමාන්යාධිකාරිවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇත.
එලෙසම විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්යවශ්ය සේවාවන් බවට ප්රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 21වැනිදා නිකුත් කෙරිණ.
සිය වර්ජනය සම්බන්ධයෙන් විදුලි සේවකයින් ඉදිරිය පිළිබඳ තීරණයක් ගැනීමට හෙට දින රැස්වීමට නියමිතව ඇති බව ද සඳහන්වේ.

හර්ෂි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website