විදුලි පනතට එරෙහිව වෘත්තීය සමිති 29ක් විරෝධතාවකට අරඅදියි

වෘත්තීය සමිති 29ක් අගෝස්තු 06වැනිදාට විරෝධතාවකට සූදානම් වෙයි.
යෝජිත විදුලි බල පනත් සංශෝධන කෙටුම්පත මගින් විදුලි බල මණ්ඩලයේ සේවකයන් විසි දෙදහසකට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීම මෙම විරෝධතාවේ අරමුණ වේ.
එලෙසම විරෝධතාවට පළමුව අද සිට සතියක කාලයක් ආණ්ඩුවට දෙන බවත්,අගෝස්තු 05 වැනි දින විසඳුමක් නොලැබුනහොත් අගෝස්තු 06 තීන්දුවක් ගන්නා බවත් ඔවුන් අවධාරණයකර සිටියේය.
ජනතාව පීඩාවට පත්වන බැවින් මෙම විරෝධතාව ප්රමාද කරන බැවින් රජය එම අනුකම්පාව භූමි කම්පාවක් දක්වා වර්ධනයකර ගනිමින් සිටින බවත් සාධාරණ විසඳුමක් සඳහා දුන් කාල සීමාව හොඳටම ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්මීක ශිල්පීන්ගේසංගමයේ සභාපති කෝසල අබේසිංහ ද තව දුරටත් මෙහිදී පවසා තිබිණ.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website