විදුලි ගාස්තු ඉහළ දැමීම අද සිට ක්‍රියාත්මකයි

2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක වේ.

2026 දෙවන කාර්තුව සඳහා එවකට පැවැති විදුලිබල මණ්ඩලය විසින් සියයට 13.56ක ගාස්තු වැඩිවීමක් සඳහා කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම ගාස්තු වැඩි කිරීම් අනුමත කළේය.

අද සිට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු ඉහළ දැමීම අනුව,

  • ඒකක 0 සිට 30 දක්වා මාසික විදුලි පරිභෝජන කාණ්ඩය සඳහා ගාස්තුව 4.3%කින්,
  • ඒකක 31 ත් 60 ත් අතර කාණ්ඩය සඳහා ගාස්තුව 6.9%කින්
  • ඒකක 61 ත් 90 ත් අතර කාණ්ඩය සඳහා ද 6.9%කින්
  • ඒකක 91 සිට 180 දක්වා කාණ්ඩය සඳහා 7.2%කින්
  • ඒකක 180 ට වැඩි කාණ්ඩය 25%කින් ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website