විදුලි උත්පාදන පිරිවැය 22%කින් පහළට – බලශක්ති ඇමැති පොරොන්දුවක් අලුත් කරයි

පසුගිය ජනාධිපතිවරණයේ දී පොරොන්දුව පරිදි ඉදිරි වසර තුන තුළ විදුලි ගාස්තු 30% කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විදුලි ඒකකයක් ජනනය කිරීමේ සාමාන්‍ය පිරිවැය දැනටමත් රුපියල් 37 සිට රුපියල් 29 දක්වා අඩු කර ඇති බවත් විදුලි ගාස්තු අඩු කළ හැක්කේ විදුලි උත්පාදන පිරිවැය අඩු කිරීමෙන් පමණක් බවත්ය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, “විදුලි ඒකකයක් ජනනය කිරීමේ පිරිවැය අඩු නොකර විදුලි බිල අඩු කළ නොහැකියි. දැනට සිදු කෙරෙන්නේ වැඩි වියදමකින් විදුලිය මිලදී ගෙන අඩු මිලකට විකිණීමයි. රජය බලයට පත්වන විට විදුලිය මිලදී ගැනීමේ සහ ජනනය කිරීමේ පිරිවැය ඒකකයකට රුපියල් 37ක් වුණා. දැන් මෙම අගය රුපියල් 29 දක්වා 22% කින් අඩුකර තිබෙනවා. ඒ අනුව අපි පසුගිය මැතිවරණයේ දී පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලි බිල 30% කින් අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website