විදුලිබලය බෙදාහැරීම ‘විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්ගලික) සමාගම’ යටතට

ලංකා විදුලිබල මණ්ඩලය විසින් කලින් හසුරුවන ලද විදුලිබල බෙදාහැරීමේ කාර්යයන් 2024 අංක 36 දරන විදුලිබල පනත යටතේ විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්ගලික) සමාගමට මාරු කර ඇත.

විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්ගලික) සමාගම (Electricity Distribution Lanka (Pvt) Limited – EDL) සඳහන් කළේ මෙම පියවර මගින් විදුලිබල පාරිභෝගිකයින් සඳහා කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ සේවා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම අරමුණු කර ඇති බවයි.

මෙම සංක්‍රාන්තිය මඟින් සමාගමට විදුලිබල බෙදාහැරීමේ අංශයේ මෙහෙයුම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසන බව නව සමාගම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website