විද්‍යුත් ජාතික හැඳුනුම් පත් සඳහා අවැසි මෘදුකාංග සැකසෙයි

විද්යුත් ජාතික හැඳුනුම් පත් නිකුත් කිරීම සඳහා අවශ්ය මෘදුකාංග, පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සකසමින් පවතින බැව් වැඩ බලන කොමසාරිස් ජනරාල් මාලිකා සූරියප්පෙරුම මහත්මිය පවසා ඇත.
පළමුව පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙත විද්යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමත් අනතුරුව මේ වසර අවසන් වීමට පෙර මහ ජනතාව වෙනුවෙන් එය ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසුවාය.
මෘදුකාංග සකස් කිරීම යටතේ පුද්ගලයින්ගේ මුහුණ හඳුනා ගැනීම මෙන්ම ඇඟිලි සළකුණ හඳුනා ගැනීමේ කටයුත්ත ද සිදු කෙරෙන බව ඇය වැඩිදුරටත් පවසා සිටි බව සඳහන්ය.

සටහන
M. D. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website