විද්‍යා පීඨ සඳහා ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 වන දා

2023/2024 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ (විද්‍යා පීඨ) සඳහා ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක සහන් වේ.

මෙම සම්මුඛ පරීක්ෂණ මැයි 8 වන දින දක්වා අදාළ අධ්‍යාපන විද්‍යාපීඨවලදී පැවැත්වීමට නියමිතය.

සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගත් අයදුම්කරුවන්ගේ ලැයිස්තුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති බව ද අධ්‍යානය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website