වැවිලි අංශයේ ආයෝජන වංචා ගැන මහ බැංකු අධිපති අනතුරු අඟවයි

මෑතකදී, වැවිලි අංශයේ ආයෝජනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ දැන්වීම් පළ කර ඇති බව නිරීක්ෂණය වී තිබෙන බවත් ශ්‍රී ලංකාවේ වැවිලි ආයෝජන සම්බන්ධයෙන් කිසිදු අධීක්ෂණයක් සහ නියාමනයක් නොමැති  බවත් මහ බංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.

වැවිලි අංශයේ ආයෝජන මුවාවෙන් නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන බව මහ බැංකුවට නිරීක්ෂණය වී තිබෙන බව කී මහ බැංකු අධිපතිවරයා එවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් පුද්ගලයින් 18 දෙනෙකුට සහ සමාගම් කිහිපයකට එරෙහිව පරීක්ෂණ පවත්වා ඇති බව ද සඳහන් කළේය.

වතු ආයෝජනයෙන් ඉහළ ලාභ ලැබිය හැකි බවට සඳහන් කරන වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන් මහජනතාව ප්‍රවේශම් විය යුතු බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ පළමු මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය සම්බන්ධයෙන් ඊයේ (28) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website