වැඩිහිටි දියවැඩියාව ගැන බිහිසුණු හෙළිදරව්වක් – ඔබ මේ අවදානම දැන සිටියා ද ?

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය උපදේශක වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි.

වෛද්‍ය කපිල බන්දුතිලකට අනුව මෑත වසරවලදී දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතය 73% කින් ඉහළ ගොස් තිබේ.

“ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 23% ත් 30% ත් අතර ප්‍රමාණයකට දියවැඩියාව ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඔවුන් අතරින් තුනෙන් එකක් අක්ෂි රෝගවලින් පෙළෙන අතර, ප්‍රතිකාර නො කළහොත් මෙම කණ්ඩායමේ 11%ක් පමණ අන්ධභාවයට පත්වීමේ අවදානමක් තිබෙනවා.” වෛද්‍ය බන්දුතිලක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

වැඩ කරන වයසේ ජනගහනය අතර දියවැඩියාව ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බවත්, එය සෞඛ්‍යයට සහ ඵලදායිතාවයට යන දෙකටම බලපාන බවත් වෛද්‍ය බන්දුතිලක සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website