වාහන ආනයන වෙළඳ භාණ්ඩ ගිණුමට කළ බලපෑම මෙන්න

2025 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ විදේශීය අංශයෙහි මාසික ජංගම ගිණුමෙහි අඛණ්ඩ අතිරික්තයන් වාර්තා කිරීමෙන් පසුව, 2025 වසරේ සැප්තැම්බර් මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත්, පළමු මාස නවය සඳහා ජංගම ගිණුමෙහි සමුච්චිත අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ප්‍රධාන වශයෙන් වාහන ආනයනය වැඩිවීම හමුවේ ආනයන වියදම එ.ජ. ඩොලර් බිලියන 2ක් ඉක්මවා යාම හේතුවෙන්, 2025 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website