
අන්තර්ජාලය හරහා සංසරණය වන ඉන්ධන QR කේත සම්බන්ධ ව්‍යාජ වෙබ් සබැඳි පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (SLCERT) අනතුරු අඟවා ඇත.
ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම වෙනුවෙන් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල පවසන්නේ ඉන්ධන මිලදී ගැනීම සඳහා නිල QR කේත පද්ධතියට ප්‍රවේශය ලබා දෙන බව ව්‍යාජ ලෙස පවසමින් සමාජ මාධ්‍ය සහ පණිවිඩ වේදිකා හරහා වංචනික වෙබ් සබැඳි සංසරණය වන බවයි.
මෙම රැවටිලිකාර සබැඳි පරිශීලකයින් නොමඟ යවා පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු සොරකම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
සැක සහිත, නිල නොවන වෙබ් අඩවි, පණිවිඩ යෙදුම්වල බෙදාගත් සබැඳි හෝ සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රකාශයට පත් කර ඇති නොදන්නා මූලාශ්‍ර පරිලෝකනය කිරීමෙන් හෝ ක්ලික් කිරීමෙන් වළකින ලෙස ද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.












