
ගුණාත්මකභාවය පරීක්ෂා කර නොමැති ලියාපදිංචි නොකළ ඖෂධ, ඖෂධ සමාගම් නියෝජිතයින් විසින් වරාය සහ ගුවන්තොටුපළ හරහා ශ්‍රී ලංකාවට රැගෙන එන බව වාර්තා වන බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේය.
ඔහු පැවසුවේ මෙම ප්‍රවණතාව ඉහළ යමින් තිබෙන බවට වාර්තා ලැබී ඇති බවත් කොළඹ ඇතුළු දිස්ත්‍රික්කවල මෙසේ රැගෙන ආ ඖෂධ බහුලව දක්නට ලැබෙන බවත්ය.
ඉහළ ලාභ ආන්තිකයන් නිසා ආකර්ෂණය වූ පෞද්ගලික ඔසුසැල්, අනුමත ඖෂධ මිලදී ගැනීම වෙනුවට අතරමැදියන් හරහා මෙම ලියාපදිංචි නොකළ ඖෂධ මිලදී ගන්නා බව ඔහු පැවසීය. මෙම ප්‍රවණතාවය කොළඹ ඇතුළු දිස්ත්‍රික්කවල බහුලව දක්නට ලැබෙන බව ඔහු සඳහන් කළේය.
දුර්වල පරිපාලන සහ කළමනාකරණ පද්ධති, වැරදි නිෂ්පාදකයින්ට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහු ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විවේචනය කළේය.
රජයේ ඖෂධ සැපයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම ප්‍රමාද වීම ලියාපදිංචි නොකළ ඖෂධ රට තුළට ඇතුළු වීමට පහසුකම් සැලසීමට හේතු විය හැකි බවට අනතුරු අඟවමින් වෛද්‍ය සංජීව ජනාධිපතිවරයාගෙන් වහාම පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටියේය.













