ලිට්රෝ සමාගම විසින් ගෑස් සිලින්ඩර් 100,000ක් අද (23) වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
මේ අතර ගෑස් රැගෙන යන තවත් යාත්‍රා දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසුවේය. ඒ අනුව, LP ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් පෙබරවාරි 25 වන දින දිවයිනට පැමිණීමට නියමිත අතර, LP ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් තවත් නෞකාවක් පෙබරවාරි 28 වන දින දිවයිනට පැමිණීමට නියමිතය.














