ලංගම ඩිපෝ 103කින් NTC ලියාපදිංචි බස්රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ඇරඹේ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දිවයින පුරා පිහිටි ඩිපෝ 103 කදී ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව ශ්‍රී ලංගම සභාපති සුජීව කනකරත්න මහතා පැවසීය.

ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ (NTC) ලියාපදිංචි වී දැනට ක්‍රියාත්මක වන බස් රථ පමණක් මෙම ක්‍රමය යටතේ ඉන්ධන ලබා ගැනීමට සුදුසුකම් ලබන බව  ද ඔහු සඳහන් කළේය.

ඉන්ධන ලබා ගැනීමට පෙර පෞද්ගලික බස් හිමියන් තම වාහන ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ හෝ අදාළ පළාත් මාර්ග මගී ප්‍රවාහන අධිකාරීන් සමඟ ලියාපදිංචි කර තිබේ ද යන්න තහවුරු කර ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.

සාර්ථක සත්‍යාපනයකින් පසුව, සුදුසුකම් ලත් බස් රථ ක්‍රියාකරුවන්ට නම් කරන ලද ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ෙඅවශ්‍ය ඉන්ධන ලබා ගත හැකි බව ද කනකරත්න මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website