රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (24) රජය් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙරටට පැමිණිමට නියමිත බව පැවසූ අමාත්‍යවරයා එහිදී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බව ද සඳහන් කළේය.











