රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් අද දිවයිනට

ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයකට අනුව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් අද (26) දිවයිනට පැමිණීමට නියමිතය.

රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත  අතර ඔහු අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය ජය ගැනීමට උපකාර කිරීම සඳහා මෙම රැස්වීම් අතරතුර සාකච්ඡා සහ ගිවිසුම් කිහිපයක් සැලසුම් කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

අදාළ සාකච්ඡාවලින් පසු, ඔහු හෙට විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වනු ඇති අතර ඔහු රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website