රැඳවුම් නියෝග මත සිටින සුරේෂ් සාලේ රෝහල්ගත කෙරේ – පවුලේ සාමාජිකයින්ට සුවදුක් බලන්න අවසර නෑ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (24) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කර ඇති අතර, පසුව වෛද්‍යවරයෙකු හමුවට යොමුකර ඇති අතර එහිදී වෛද්‍ය උපදෙස් අනුව ඔහුව ජාතික රෝහලට ඇතුළත් කර ඇත.ත

සාලේ මහතාගේ අසනීප තත්ත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් අවසර ඉල්ලා ඇතත් ඊට අනුමැතිය නොදුන් බව පවුලේ සමීපතමයෙකු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website