රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ ගමන් මළුවල කුෂ් කිලෝ 08ක්

ඕමානයේ මස්කට් නුවර සිට මෙරටට රුපියල් 8,22,000,000ක් වටිනා කුෂ් කිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 220ක් රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු අද (25) අළුයම කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු අද අළුයම ගුවන් තොටුපොළෙන් පිටව යාමට උත්සාහ කිරීමේදී මෙම වැටලීම සිදුකර ඇති අතර 37 හැවිරිදි සැකකරු රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන්නෙකු බව ද අනාවරණය වී තිබේ.

සැකකරු සන්තකයේ තිබූ ගමන් මළු දෙකක පාර්සල් 8ක අසුරා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website