රාජ්‍ය සේවකයින්ගේ බදාදා නිවාඩුව ගැන චක්‍රලේඛය නිකුත් වෙයි – නිල චක්‍රලේඛය මෙන්න

මැදපෙරදිග පවතින ගැටුම් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම් අභියෝගවලට මුහුණ දීම සඳහා ගත හැකි පියවර ගෙන හැර දක්වමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්. එස්. ආලෝකබණ්ඩාර මහතාගේ අත්සනින් අද (17) චක්‍රලේඛයක් (09/2026) නිකුත් කර ඇත.

චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යවා ඇත.

සෑම බදාදා දිනකම රාජ්‍ය සේවකයින්ට ලබා දෙන නිවාඩු නිසා, ඔවුන්ගේ නිල රාජකාරි එම සතියේ අඟහරුවාදා දිනවලට සැලසුම් කළ යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, යම් නිලධාරියෙකු බදාදා දිනයක සේවය කළ යුතු බව ආයතන ප්‍රධානියා තීරණය කරන්නේ නම්, එම නිලධාරීන් රාජකාරි සඳහා කැඳවීමට කිසිදු බාධාවක් නොතිබිය යුතු බව ද එවැනි වැඩ සඳහා නිවාඩු වැටුප්, අතිකාල හෝ වන්දි නිවාඩු ලබා නොදිය යුතු බව ද මෙම චක්‍රලේඛය අවධාරණය කර ඇත.

අදාළ චක්‍රලේඛය පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website