වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ කෘෂිකර්මාන්තය වැනි තීරණාත්මක ක්ෂේත්රවල රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 50% කට වැඩි පිරිසක් ස්ථිරවම සංක්‍රමණය වන බවත්, කිසිදා ආපසු නොඑන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ අධ්‍යයනයකින් හෙළිකර ගෙන ඇතැයි ‘ඩේලි මිරර්’ වෙබ් අඩවියේ වාර්තාවක සඳහන් වේ.
“වාර්ෂිකව, කලා (25%), කළමනාකරණය (20%), ඉංජිනේරු (13%) සහ වෛද්‍ය (10%) වැනි විෂයයන් හරහා උපාධි අපේක්ෂකයින් 42000ක් අධ්‍යාපනය ලබති. කෙසේ වෙතත්, මෙම ක්‍රමය නොදැනුවත්වම දක්ෂ සේවකයින් සංක්‍රමණය වීමට හේතු වේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයට අනුව, විද්‍යාව පදනම් කරගත් උපාධි ඇති දීප්තිමත්ම උපාධිධාරීන් රංචු පිටින් පිටව යන අතර සමහර දෙපාර්තමේන්තු වල සංක්‍රමණ අනුපාතය 80% ඉක්මවයි.” Ceylon Public Affairs නම් ලිපියේ සඳහන් වෙයි.
Ceylon Public Affairs පවසන්නේ මෙතරම් ඉහළ බුද්ධි ගලනයක් ඇතිවීමට හේතුව ආර්ථික හා සමාජීය යථාර්ථයන් බවයි. ස්වෛරී රැකියා පැහැර හැරීමක් සහ COVID-19 වසංගතයේ දිගු කාලීන බලපෑම් ඇතුළුව රටේ මෑත කාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් අඩු වැටුප් සහ ඉහළ විරැකියාව තවත් උග්‍ර වී ඇති අතර එමඟින් උපාධිධාරීන් විදේශයන්හි අවස්ථා සෙවීමට පෙළඹේ. මේ අතර ශ්‍රී ලංකාවේ පෞද්ගලික හා රාජ්‍ය අංශ ගෝලීය වෙළඳපොළවල් සමඟ තරඟකාරී වැටුප් ලබා දීමට අරගල කරන අතර, ආර්ථික විද්‍යාඥයින් මධ්‍යම ආදායම් උගුල ලෙස හඳුන්වන දෙයට ජාතිය කොටු කරන බව ද මෙම ලිපියේ වැඩි දුරටත් සඳහන් වෙයි.
මෙම ලිපියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා රජය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 87ක් වැය කරන බවත්, බොහෝ දෙනා විශ්වාස කරන ආකාරයට මෙය නිදහස් අධ්‍යාපනය ධනවත් රටවල් සඳහා “සංවර්ධන ආධාර වැඩසටහනක්” බවට පත් කර ඇති බවයි. හොඳම සහ දීප්තිමත්ම වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින් බටහිර රටවල ආර්ථිකයන්ට දායක වන අතර ශ්‍රී ලංකාව 25%ක දරිද්‍රතා අනුපාතයක් සමඟ පොරබදමින් සිටින බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.













