යළි පැමිණි රමේෂ් පතිරණට පොහොට්ටුවේ තනතුරු දෙකක්

හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තියකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙස පත්කර තිබේ.

නව තනතුරුවලට අදාළ පත්වීමේ ලිපිය රමේෂ් පතිරණ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ෙජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අතින් පක්ෂ කාර්යාලයේදී අද (22) ලබා ගත්තේය. අද දින රමේෂ් පතිරණ සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයින් පිරිසක්ද මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website