රට පුරා විදුලි සැපයුමට දැඩි බාධා – කිලෝවොට් 132,000ක ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයක් බිඳ වැටිලා

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි සැපයුමෙන් සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් බිඳ වැටී ඇති බවත්, එය මිලියන හතක් පමණ පාරිභෝගිකයින්ට බලපා ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ෂර්ලි කුමාර මහතා පවසයි.

ඔහු පැවසුවේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීම දුෂ්කර බවත්, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු පළාත්වලට වැඩිම බලපෑමක් එල්ල වී ඇති බවත්ය.

කිලෝවොට් 132,000 ක ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයක් බිඳ වැටීම සහ අධික රොන් මඩ හා හානි හේතුවෙන් කොත්මලේ සහ රන්ටැඹේ ජල විදුලි බලාගාර වසා දැමීම වැනි බරපතල ගැටලු අතර පවතින බව සාමාන්‍යාධිකාරීවරයා කීවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website