2025.10.21 වන දින ඌරගස්මංහන්දිය පොලිස් වසමේදී රු.8,000,000ක් වටිනා කාර් රථයක් සොරකම් කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරු ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) කැස්බෑව බස්නැවතුම්පොළ අසල රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන යටගල, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. මොහුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඇල්පිටිය පොලිස් වසමේ ත්‍රී රෝද රථයක් සොරකම් කිරීම, බද්දේගම පොලිස් වසමේ ත්‍රී රෝද රථයක් සොරකම් කිරීම, හෝමාගම පොලිස් වසමේදී යතුරු පැදි 02ක් සොරකම් කිරීමේ අපරාධයන් ද මොහු විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
විමර්ශන නිලධාරීන් විසින් සැකකරු විසින් සොරකම් කරන ලද වාහන වල ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඔහු පදිංචිව සිටි යටගල ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 මිලි ග්‍රෑම් 235 ක්ද සොයා ගෙන ඇත.
සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන ඌරගස්මංහන්දිය පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.












