මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම්වල ප්‍රමාණය විශාල වශයෙන් වර්ධනය වී ඇති බව අදාළ අංශ විසින් සංඛ්‍යා දත්ත මාර්ගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැහැදිලි කළේය.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේ දී නිලධාරීන් විසින් මෙම පැහැදිලි කිරීම කළේය.
නිලධාරීන් විසින් ජනපතිවරයාට හෙළි කළ සම්පූර්ණ තොරතුරු පහත දැක්වේ.
‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කෙරුණු 2025 ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 124,412ක් සිදු කර තිබෙන බවත්, ඒ අතර ගංජා කිලෝ ග්‍රෑම් 4520ක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 1066 යි ග්‍රෑම් 352ක් සහ නීතිවිරෝධී දුම්වැටි 558,300ක්, අයිස් කිලෝ ග්‍රෑම් 1930ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 270ක් සහ මත් පෙති 983,143ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි. අත්අඩංගුවට ගැනුණු මෙම කොකේන් තොගය ඉතිහාසයේ වැඩිම සහ මිල අධිකම කොකේන් තොගය බව ද අනාවරණය විය.
‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කිරීමත් සමග මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු විශාල වශයෙන් 1818 දුරකථන අංකය ඔස්සේ පොලීසියට ලැබෙමින් තිබෙන බවත්, ඊට අදාළ මෙහෙයුම් පිළිබඳ නිරන්තරයෙන් ප්‍රගතිය සමාලෝචනය කෙරෙන බවත් සඳහන් විය.
එම අත්අඩංගුවට ගන්නා පිරිස අතර සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් සිටින බවත්, ඒ අතර පිරිමි දරුවන් 17,72ක් සහ ගැහැණු දරුවන් 81ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මෙහිදී සඳහන් විය.
මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර නීතිවිරෝධි වත්කම් පිළිබද සැකකරුවන් 196ක් සහ රැඳවුම් නියෝග මත 2268ක් සිටින බවත්, පුනරුත්ථාපනය සඳහා දැනට 1840ක් යොමු කර තිබෙන බවත් සඳහන් විය.
පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමේදී පවතින නීතිමය දුර්වලතා නිසා එම කටයුතු ප්‍රමාද වුවද ඒ සඳහා පත් කර ඇති කමිටුව මේ පිළිබඳ සාකච්ඡා කරමින් ඉදිරි කටයුතු සැලසුම් කරමින් තිබෙන බව නිලධාරීහු පෙන්වා දුන්හ.











